• (+94) 047-2241322
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Tangalle Rahula Maha Viduhala

තංගල්ල රාහුල මහා විද්‍යාලය

තංගල්ල

  • Register
  • Login
Tangalle Rahula Maha Viduhala

තංගල්ල රාහුල මහා විද්‍යාලය

තංගල්ල

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

 

‍ඓතිහාසික අධ්‍යාපනික පසුබිම

            ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යන්ට යටත්ව තිබූ අවධියේ රට පුරා මීෂනාරි පාසල් ඉදි කර ක්‍රිස්තියානි ආගම පැතිරීමෙන් බෞද්ධ ආගම, සංස්කෘතිය සිංහල භාෂාව පිරිහීම වලක්වා ගැනීමට එවකට සිටි දේශප්‍රේමීන් ප්‍රධාන නගරවල බෞද්ධ සිංහල පාසල් ආරම්භ කිරීමේදී 1896 දී තංගල්ල රාහුල විදුහල ආරම්භ කර ඇත.

            හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා අනගාරික ධර්මපාල තුමා වැනි හිත්‍යශීන් සමග එක්ව ප්‍රදේශයේ ‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වත්මන් පාසල පවත්නා භූමිය එවකට පදිංචිව සිටි එන්සොහාමි වික්‍රමසූරිය මහත්මියගෙන් පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ සහායෙන් මිලට ගෙන තාවකාලික ගොඩනැගිල්ලක් තනා සිසුන් 12 දෙනෙකුගෙන් පාසල ආරම්භ කළ බවට තොරතුරු වාර්තා වී ඇත.

පාසලේ කළමනාකරු වශයෙන් කොටුවේගොඩ පදිංචි එස්. වර්ණකුලසූරිය මහතා කටයුතු කළ අතර පී. අමරසිංහ, ඩී. අමරසිංහ මහත්වරුන් හා වික්‍රමසූරිය පෙරකදෝරු මහතා ප්‍රමුඛ පිරිසක් අනුග්‍රහය දක්වා ඇත.

1920 දී තාවකාලික ගොඩනැගිල්ල වෙනුවට ස්ථිර ගොඩනැගිල්ලක් පී. අමරසිංහ මහතා විසින් ඉදි කර ඇත. ඒ අතර ගිරිපාද ශ්‍රී සද්ධර්මෝදය සමාගමේ සී.එෆ්.එස්. ජයවික්‍රම මුදලි තුමා සිහිවීමට වේදිකාවක් සහිත ශාලාවක් ඉදිකර දුන්බව සඳහන් වේ.

 

මෑත අතීතය

            මුල් කාලයේ ප්‍රාථමික විදුහලක් ලෙසද පසුව 8 ශ්‍රේණිය දක්වා කනිටු විදුහලක් ලෙසද , දියුණු වෙමින් පවතිද්දී 1962 වර්ෂයේදී රජයට පවරාගෙන ඇත. 1976 වර්ෂයේදී රජය විසින් මහා විදුහලක් (1C) ලෙස නම් කරනු ලැබුවද කලා උසස් පෙළ පන්ති ආරම්භ කරනු ලැබ ඇත්තේ 1990 වර්ෂයේදීය. 1996 වර්ෂයේදී පාසලේ සැමරුම් උත්සවයක්ද පවත්වා ඇත.

රාහුල හැඬ වූ සුනාමිය

සිය වස සමරා වසර අටක් ගත වෙද්දී 2004.12.26 රටම දෙ‍දරුම් කැවූ සුනාමිය රාහුල විදුහල් මාතාවද බරපතල අනතුරකට හෙලීය.

පාසල් නිවාඩුව වූ බැවින් ජීවිත හානි නොවූවද මහා ජල කඳ පාසල් ගොඩනැගිලි බිමට සමතලා කර තිබිණ. නිවෙස් වල රැඳී සිටි පාසල් දරුවන් 5 දෙනෙකුගේ ජීවිත ද අහිමි වීම සටහන් කළ යුතුව ඇත.

නව රාහුල බිහිවීම

සුනාමි ප්‍රතිසංස්කරණ වැඩසටහන් යටතේ වත්මන් රාහුල බිහිවීම අප කා හටත් මහත් අස්වැසිල්ලක් විය. නමුදු ඒ විල්ලුද බුමුතුරුණු මතින් නොවේ. සුවිසල් මතවාද හැලහැප්පීම් මාවත් සටන් මතිනි. රාහුල නාමය අකා මකා දමන්නට වෙර වීරිය දැරුවෝ බොහෝ පිරිසක් සිටියහ. එහෙත් බලවත් අසීරුතා මැද අප සියලු දෙනාට එය ජයගත හැකි වූ බව සටහන් කළ යුතුය. කෙසේ වුවද නව රාහුල ඇරඹියේ එතෙක් පාසල සතුව තිබූ ප්‍රාථමික (1-5) ශ්‍රේණි කප්පිදු කරමිනි.

වර්තමානය                                                                                                                                     

පාසල තුළ වත්මනෙහි පවතින අභියෝග රැසකි. බොහෝ අවස්ථාවන් පාසල සතු වුවද ප්‍රවර්ධනය හීන කරන සාධක බලසම්පන්නව නැගී සිටීම තර්ජනයකි. ආකල්පමය වෙනසක් සඳහා යෝධ පිම්මක් පැනිය යුතුව ඇත. “දිරියෙන් ඉදිරියට” යන ආදර්ශ පාඨය තේමා කරගෙන තංගල්ල නගර මධ්‍යයේ විරාජමාන වන රාහුල මාතාවට සුපැහැදිලි අනාගතයක් ගොඩ නගන්නට අපි සියලු දෙනා එකට අත්වැල් බැඳ ගනිමින් දාබිඳු හෙලන්නට සපථ වෙමු. 

ආරම්භ කළ වර්ෂය

1896 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

 02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

 12

මුල් ගුරුතුමාගේ නම

 S.H. සව්රිස් සිල්වා මහතා

පාසලේ ආදි කතෘගේ නම

 D.I.G. සිල්වා මහතා 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

 BTS

පාසල භාරව කටයුතු කිරීම

මහතා

පාසල රජයට පවරාගත් දිනය

1964.10.15

පාසල පැවැත්වූ ස්ථානය

 තංගල්ල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 තොරතුරු නැත

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 තොරතුරු නැත 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 තොරතුරු නැත 

Tangalle Rahula Maha Viduhala

තංගල්ල රාහුල මහා විද්‍යාලය

තංගල්ල

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Tissa Road  Tangalle
  • දුරකථන(+94) 472241322
  • E-mail [email protected]

Supported By

© 2026 Tangalle Rahula Maha Viduhala. All rights reserved. Design with by Webcomms Global | Help Desk