නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
තංගල්ල රාහුල මහා විද්‍යාලය

1896 ක් තරම් වූ කාලයක සිට එනම් ශත වර්ෂයකටත් පෙර ආරම්භ වූ තංගල්ල රාහුල මහා විද්‍යාලය නගරයේ ඉපැරණිම බෞද්ධ පාසලකි. ප්‍රාථමික විදුහලකින් ඇරඹි මෙම විදුහල කනිටු විදුහලක් බවට පත්ව අද වන විට උසස් පෙළ කලා වාණිජ විෂය ධාරා වලින් සමන්විත සංවර්ධිත මහා විද්‍යාලයක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රවේශයටද දොරටු විවෘත වූ පාසලක් බවට පත් වී ඇත.
අනේක විධ පීඩා මැද්දේ සිප් නැණ පාදා ගැනීම සඳහා විදු බිමට පැමිණෙන දූ පුතුන්ගේ විනය හා අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමට වෙර දරණා ගුරු මණ්ඩලයකින් සමන්විත වීම පාසලේ දරුවන් ලැබූ සුවිශේෂී භාග්‍යයකි. පාසලේ සියළු කටයුතු කළමනාකරණය කරමින් පාසල ඉහළට ඔසවා තැබීමට කැපවන විදුහල්පතිතුමාගේ සේවය ද ප්‍රශංසනීය කටයුතු වේ.
මතු අනාගතයේදීත් විදුබිමට පැමිණෙන්නා වූ සුවහසක් දූ දරුවන්ගේ නෙත් පෑදීමට රාහුල මාතාවන්ට ශක්තිය ධෛර්ය ලැබේවා ! රාහුල මාතාවන් දිනේවා ! යනු මාගේ ප්‍රාර්ථනාවයි.
නියෝජ්‍ය විදුහල්පති
තංගල්ල රාහුල මහා විද්‍යාලය