විදුහල්පති පණිවිඩය
හ/ තංගල්ල රාහුල මහා විද්‍යාලය
තංගල්ල රාහුල මහා විද්‍යාලයේ වෙබ් අඩවිය ප්‍රවිශ්ඨ කරන්නා වූ මෙවන් මොහොතක ඒ සඳහා පණිවුඩයක් සනිටුහන් කරනු ලබන්නේ මහත් වූ සොම්නසිනි. දකුණු පළාතේ වසර සියවසක් ඉක්මවා අවිඡ්චින්නව බෞද්ධ ඉතිහාසයක් දරා සිටින පාසල් අතර වසර 125 ක් තංගල්ල රාහුල මහා විද්‍යාලය ප්‍රදේශයේ දූ දරුවන් වෙත සිප් සතර ලබා දෙමින් සිටී.
විදුහල ලත් ජය පරාජයන් සම සිත්ව දරමින් මේ වන විටත් තංගල්ල අධ්‍යාපන කලාපය තුළ දෛර්ය සම්පන්නව නැගී සිටීමට අපහට හැකියාව ලැබී තිබේ. ඒ අනුව ගත් කළ විදුහල වෙනුවෙන් වෙබ් අඩවියක් ඇරඹීමට හැකිවීම මහත් වූ සතුටකි. ඒ සම්බන්ධව සම්බූර්ණ වගකීම දරමින් කටයුතු කරනු ලබන තොරතුරු තාක්ෂණ අංශය භාර ආර්.පී.එන්. ශිරෝමිණී මහත්මියට ස්තුතිවන්ත වන අතර නුදුරු අනාගතය පුරා වෙබ් අඩවිය යාවත්කාලීන ව පවත්වා ලෙන යාම සඳහා ධෛර්යය ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
- හ/ තංගල්ල රාහුල මහා විද්‍යාලය